Saturday, July 18, 2015

HTML


වෙබ් අඩවි සැකසීම සඳහා HTML භාවිතා කරනු ලැබේ. මුලින්ම අප වෙබ් අඩවියක් පිළිබඳව අවබෝධය ලබා ගනිමු.

වෙබ් අඩවියක් යනු කුමක්ද? - What is a Web Site
විශ්ව විසිරි වියමනෙහි (WWW) පිහිටි එක් ස්ථානයක් (Location) ලෙස වෙබ් අඩවියක් (Web Site) හදුනාදීමට හැකිය. වෙබ් අඩවියක් වෙබ් පිටු (Web Page) එකකින් හෝ රාශියකින් සමන්විත වේ. 

වෙබ් පිටුවක් යනු කුමක්ද? -What is a Web Page
විශ්ව විසිරි වියමනෙහි  ඇති වෙබ් අඩවි (Web Sites) ගොඩනැගී ඇත්තේ වෙබ් පිටු මගිනි. මෙම වෙබ් පිටු එසේ නොමැතිනම් වෙබ් ලේඛන (Web documents ) ලියනු ලබන්නේ Hyper Text Markup Language (HTML) ඇසුරෙනි. HTML ඇසුරෙන් වෙබ් පිටු නිර්මාණය සඳහා HTML Editors භාවිතා කරනු ලැබේ.

Monday, June 15, 2015

පරිගණක වර්ගීකරණය

පරිගණකය විකාශනය වූ ගමන් මාර්ගය අපට කොටස් කිහිපයකට වෙන් කල හැකිය.
   
Era of Computers
  1. Manual Era
  2. Mechanical Era
  3. Electromechanical Era
  4. Computer Era
මේ අනුව අපට දැනට වඩා වැදගත් වන සිව්වන කොටස ගැන විමසා බලමු. මෙම කොටසට අයත් පරිගණක පහත පරිදි වර්ග කල හැකිය.
  
Computer Classification
  1. Age Classification
  2. Size Classification
  3. Type Classification

පරිගණකයේ විකසනය

නූතන පරිගණකය විකාශනය වූ අයුරු සලකා බැලීමේදී මුලින්ම අපට මතකයට නැගෙන උපකරණය නම් ඇබකසයයි. ඇබකසය යනු ලොව භාවිතා වූ මුල්ම යාන්ත්‍රික ගණක යන්ත්‍රය (Mechanical Calculator) ලෙස සැලකේ. පහත දැක්වෙන්නේ දර්ශීය ඇබකසයක පිංතූරයකි.

ඇබකසය මගින් පැරැන්නන් එකතු කිරීම සහ අඩුකිරීම වැනි සුළු ගණිත කර්ම සිදුකර ගෙන ඇති අතර ඇබකසය යනු නුතන පරිගණකය විකාශනයේ මූලාරම්භය වශයෙන් සලකනු ලැබේ. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසට පෙර ඈත අතීතයේදී ඊජිප්තු ජාතිකයින් මෙම උපකරණය භාවිතා කල බවට සාක්ෂි ඇති අතර මෑත අතීතයේදී එනම් ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේදී චීන ජාතිකයින් මෙම උපකරණයට රූපයේ දැක්වෙන අන්දමේ පෙනුමක් ලබාදී සංවර්ධනය කර ඇත.

මෙම උපකරණය ලීයෙන් නිමවා ඇති අතර එහි ඇති පබළු ගණනය කිරීම් සඳහා භාවිතා කරනු ලැබේ. කොටස් දෙකකින් යුත් මෙම උපකරණයේ ඉහල කොටස දෙව්ලොව (Heaven) ලෙසද පහල කොටස මිහිකත (Earth) ලෙසද නම් කර ඇත.

SaRaNa Computers

SaRaNa Computers යනු තොරතුරු තාක්ෂණය පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා ආරම්භ කරනු ලැබූ ආයතනයකි. මෙම ආයතනය මගින් තොරතුරු තාක්ෂණය පිළිබඳව පවත්වනු ලබන අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය ධාරාවට අදාලව 10 සහ 11 වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන පාඨමාලාවලට සහභාගී වීමෙන් අදාල විෂයය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීමට හැකියාව ස්ථිරවම ළඟා කර ගත හැකි අතර සයිබර් අවකාශය තුල සැරිසරන ඔබ වෙනුවෙන් විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය තොරතුරු තාක්ෂණික දැනුම  රැගෙන ඒමට අප ආයතනය මෙම බ්ලොග් පිටුව හරහා බලාපොරොත්තු වන අතර මෙම විෂය කරුණු නිසි ලෙස අධ්‍යයනය මගින් ඔබගේ තොරතුරු තාක්ෂණික දැනුම ඉහල නංවා ගනිමින් විභාගයට හොඳින් මුහුණ දීමට අවශ්‍ය දැනුමින් පෝෂිත වී සාර්ථක ප්‍රතිඵල ලබා ගනු ඇතැයි සිතමි.
ඔබහට ඇති තොරතුරු තාක්ෂණික ගැටළු (අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය ධාරාවට අදාලව) අප වෙත යොමුකර (077 115 66 33) ඔබටත් අන් අයටත් එමගින් දැනුම වැඩිකර ගැනීමට අවකාශ සලසා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණික විෂයය ධාරාවට අදාල අපගේ කණ්ඩායම් පංති කුලියාපිටිය, උඩුබද්දාව, වැලිපැන්නගහමුල්ල සහ පන්නල යන නගරවලදී පැවැත්වේ. එම පංතිවලට සහභාගී වී ඔබත් විශිෂ්ඨ ප්‍රතිඵල අත්කරගන්න.