පරිගණකය විකාශනය වූ ගමන් මාර්ගය අපට කොටස් කිහිපයකට වෙන් කල හැකිය.
Era of Computers
- Manual Era
- Mechanical Era
- Electromechanical Era
- Computer Era
මේ අනුව අපට දැනට වඩා වැදගත් වන සිව්වන කොටස ගැන විමසා බලමු. මෙම කොටසට අයත් පරිගණක පහත පරිදි වර්ග කල හැකිය.
Computer Classification
- Age Classification
- Size Classification
- Type Classification
Age Classification
පරිගණක විකාශනයේ සිට එම පරිගණකවල භාවිතා කරනු ලැබූ තාක්ෂණ ක්‍රමවේදය අනුව මෙලෙස පරිගණක වර්ග කරනු ලැබේ.
- First Generation
- Second Generation
- Third Generation
- Fouth Generation
- Fifth Generation
First Generation
පළමු පරම්පරාවේ පරිගණක 1946 සිට 1956 දක්වා කාලය වකවානුව තුල භාවිතා වූ අතර මෙම පරිගණකවල භාවිතාවූයේ රික්තක නල (Vacuum Tube) තාක්ෂණය වේ. මතකය සඳහා Magnetic Drum භාවිතා කරන ලදී. මෙම පරම්පරාවේ පරිගණකවල තැනුම් ඒකකය වූ වැකූම් ටියුබ් උපාංගය ප්‍රමාණයෙන් විශාල නිසා පරිගණක ද නිතැතින්ම ප්‍රමාණයෙන් විශාල විය. ක්‍රියාකාරීත්වයේදී විශාල තාපයක් උපදවනු ලබන බැවින් නිසි ක්‍රියාකාරීත්වයෙන් වැඩිකාලයක් එක දිගට ක්‍රියාත්මක කිරීමට නොහැකිය. නිරවද්‍යතාවය පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකිවීම එම පරිගණකවල තිබූ විශාල දුර්වලතාවයකි. විදුලි පරිභෝජනයද ඉතා ඉහල අගයක පැවතීම තවත් දුර්වලතාවයකි. මෙම පරම්පරාවේ පරිගණකවල වේගය මනිනු ලැබුවේ මිලි සෙකන්ඩ්ස් (Mili Seconds - 10-3) වලිනි.
මෙම පරම්පරාවේ පරිගණක දත්ත ආදානය සඳහා Punch Cards සහ Paper Tapes භාවිතා කරනලද අතර ප්‍රතිදානය වූයේ මුද්‍රිත පිටපත්ය. ENIAC (Electronic Numerical Integrator And Computer) සහ UNIVAC (UNIVersal Automatic Computer) පළමු පරම්පරාවේ පරිගණක වන අතර ENIAC යනු ලොව පළමු ඉලෙක්ට්‍රොනික පරිගණකය වන අතර UNIVAC යනු ලොව පලමු වාණිජ්‍යය (Commercial) පරිගණකය වේ.
Second Generation
දෙවන පරම්පරාවේ පරිගණක වල කාල වකවානුව වනුයේ 1956 සිට 1963 දක්වාය. මෙම පරම්පරාවේ පරිගණකවල තාක්ෂණය වූයේ ට්‍රාන්සිස්ටරය (Transistor) වේ. රික්තක නලවලට සාපේක්ෂව ට්‍රාන්සිස්ටරය ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා මෙම පරම්පරාවේ පරිගණක ප්‍රමාණයෙන් කුඩා විය. දෙවන පරම්පරාවේ පරිගණක මිලෙන් පහල අගයක් ගත් අතර විදුලිය පරිභෝජනයද ඉතා අඩු මට්ටමක පැවතීය. එමෙන්ම නිරවද්‍යතාවය අතින් ඉහල අගයක් පෙන්නුම් කරන ලද අතර තාපය නිපදවීමද ඉතා අඩු මට්ටමක පැවතිණ. පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතාවූයේ පළමු පරම්පරාවේ පරිගණක භාෂා වන යන්ත්‍ර භාෂා (Machine Languages) වුවද මෙම පරම්පරාවේදී දෙවන පරම්පරාවේ පරිගණක භාෂාවන Assembly Languages භාවිතා විය.
දෙවන පරම්පරාවේ පරිගණකවල අාදාන සහ ප්‍රතිදාන ඒකක මීට පෙර පරිදිම වන අතර මතකය සඳහා Magnetic Core භාවිතා විය. පළමු පරම්පරාවේ පරිගණක යන්ත්‍රවලට මෙන්ම මෙම පරිගණක යන්ත්‍ර සඳහාද වායුසමීකරණ යන්ත්‍ර අනිවාර්යය විය. පළමු පරම්පරාවේ පරිගණක මෙන් නොව වැඩි කාලයක් නොනවත්වා ක්‍රියාකාරීව ඉතා හොඳ මට්ටමේ කාර්යක්ෂමතාවයකින් සැකසුම් ක්‍රියාවලිය සිදුකිරීම සඳහා දෙවන පරම්පරාවේ පරිගණක වලට හැකියාව ඇතිවීමට, පෙර සඳහන් කල කරුණු සියල්ලම පාදක විය.
දෙවන පරම්පරාවේ පරිගණවල වේගය මනිනු ලැබුවේ මයික්‍රෝ සෙකන්ඩ්ස් (Micro Seconds - 10-6) වලිනි.
Third Generation
තෙවන පරම්පරාවේ පරිගණකවල භාවිතා වූයේ අනුකලිත පරිපථ (Integrated Circuits) තාක්ෂණයයි. අනුකලිත පරිපථ ප්‍රමාණයෙන් ඉතා කුඩාවීම හේතුවෙන් මෙම පරම්පරාවේ පරිගණකවල ප්‍රමාණය පළමු සහ දෙවන පරම්පරාවේ පරිගණක හා සාපේක්ෂව ඉතා කුඩා විය. තුන්වන පරම්පරාවේදි පරිගණකවල අාදාන උපාංගවල විශාල වෙනස්කම් සිදුවිය. මෙතෙක් පැවති ක්‍රම වෙනුවට යතුරුපුවරුව ප්‍රධාන ආදාන උපාංගය වශයෙන් භාවිතාවීම ආරම්භ විය. පරිගණකය සඳහා තිරයක් (Monitor) භාවිතාකිරීම ආරම්භවූයේද මෙම පරම්පරාවේ පරිගණකවලදීය.
මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීම තුන්වන පරම්පරාවේ පරිගණකවල දක්නට ලැබුණු සුවිශේෂී වෙනස්කමකි. සැකසුම් (Processing) ක්‍රියාවලියේදී මතකය (Memory) මනා ලෙස පාලනය කරමින් එකවර විවිධ කාර්යයන් කිහිපයක් පරිගණකය මගින් සිදුකර ගැනීමට හැකිවීම, පරිගණකයක කාර්යක්ෂමතාවය ඉතා ඉහල මට්ටමකට නැංවීමට සමත්විය. තුන්වන පරම්පරාවේ ඇතිවීමත් සමගම පරිගණකය නම් වූ උපකරණය සාමාන්‍ය ජනතාව පරිශිලනය කිරීම ආරම්භවිය. ඒ සඳහා බලපෑ ප්‍රධානතම සාධකනම් පරිගණකය ප්‍රමාණයෙන් ඉතා කුඩාවීමත් නිෂ්පාදනයට යනු ලබන වියදම බොහෝ සෙයින් අඩුවීමත්ය.
Fourth Generation
සිව්වන පරම්පරාවේ පරිගණකවල අනුකලිත පරිපථවල සංයුක්තයක් (Large Scale of Integrated Circuits) තාක්ෂණය වශයෙන් භාවිතාවිය. මෙම තාක්ෂණය මයික්‍රෝ චිප් (Micro Chip) තාක්ෂණය වශයෙන් හැඳින්වීය. පළමු පරම්පරාවේ පරිගණකවල සැකසුම් ඒකකය කාමරයක් තරම් විශාල වූ අතර සිව්වන පරම්පරාවේ පරිගණක වල භාවිතා වූ Micro Chip තාක්ෂණය නිසාවෙන් මෙම පරිගණකවල සැකසුම් ඒකකය අත්ල මතට ගත හැකි තරම් කුඩා විය.
Size Classification
- Micro Computers
- Mini Frame Computers
- Main Frame Computers
- Super Computers
Type Classification
- Analog Computers
- Digital Computers
- Hybrid Computers
No comments:
Post a Comment